ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පැතූ ජනාධිපති රනිල් දෙරට අතර ශක්තිමත් බැඳීම තහවුරු කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට  පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හීදී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජ්‍ය නායකයින් ඒ මහතා වෙත උණුසුම් සුබපැතුම් එක් කළහ.

දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නරේන්ද්‍ර මෝදි මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එකඟතාවය පළකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයේ ආරාධිත අමුත්තන් 9000 කට ආසන්න පිරිසක් වෙනුවෙන් රාශ්ට්‍රපති භවන් ඉදිපස භූමියේ අසුන් පනවා තිබුනි. ආගමික නායකයන් නලුනිළියන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. නියම් කරගත් වේලාව් වූ රාත්‍රි 7.00 උත්සවය ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන පනවා තිබුනේ මාලදිවයින් ජනාධිපති හා මුරුසි රාජ්‍යයේ අගමැති අතරය.

නව ඇමති මණ්ඩලය ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තුන් වන වරටත් අග්‍ර්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

ඉන්දියාවට පැමිණ සිටි බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පැවැත්විනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියට ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ ද මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...