අද (10) දවසේ වැසි තත්වය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (10) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...