ඉන්දුනීසියාවේ අඩි 20ක් දිග පිඹුරෙක් කාන්තාවක් ගිල දමයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 10,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියාවේ කලම්පං ගම්මානයේ අඩි 20ක් දිග පිඹුරෙකු විසින් කාන්තාවක් සම්පුර්ණයෙන්ම ගිල දමා ඇති බව වාර්තා වේ.

අනතුරට ලක් වූ කාන්තාව 45 හැවිරිදි ෆරීඩා නම් සිවු දරු මවකි. ඇය පසුගිය බ්‍රහස්පතින්දා(06) ඉන්දුනීසියාවේ කලම්පං ගම්මානයේ වෙළඳපොළකට යමින් සිටියදී අතුරුදහන් වී ඇත.

පසුවදා සෝදිසි කණ්ඩායමක් විශාල යමක් ගිල ඇති පිඹුරෙකු සොයා ගැනීමට සමත්ව ඇති අතර පිඹුරෙකුගේ බඩ කපා විවර කළ විට ඇගේ සිරුර සොයා ගැනුණි. පිඹුරා මුලින්ම ඇගේ හිස ගිල දමා තිබුණි.

මෙවන් අවස්ථා ඉන්දුනීසියාවේ බහුලව වාර්තා වන අතර ඉන්දුනීසියාවේ සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල රෙටිකියුලේටඩ් පිඹුරන් බහුලව දක්නට ලැබෙන අතර, වඩාත් අවදානමට ලක්ව ඇත්තේ දුප්පත් ග්‍රාමීය ප්‍රජාවන්හි ළමුන් සහ කෘෂිකාර්මික කම්කරුවන්ය.

පිඹුරන් පහර දීමේදී පිඹුරන් තියුණු, වක්‍ර දත් දුසිම් ගනනකින් තම ගොදුරට ඇලී ගැලී සංකෝචනය වීමෙන් මරා දමයි. අනතුරුව ඔවුන් ඔවුන්ගේ ආහාර වේල සම්පූර්ණයෙන්ම ගිල දැමීමට පෙර ඔවුන්ව මිරිකා මරා දමන අතර මොළයට රුධිර ගමනාගමනය නතර වීම සහ ශ්වසන මාර්ගය අවහිර වීම නිසා මේ ආකාරයෙන් මිය යාමට මිනිත්තු කිහිපයක් ගත වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෑම වසරකම සර්ප දෂ්ට කිරීම් මිලියන 5.4ක් පමණ වාර්තා වන අතර ඉන් මිලියන 2.7ක් පමණ විෂ ශරීරගත වේ.

ජයාරූප : අන්තර්ජාලයෙනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...