රන්න ප්‍රදේශයේ වෙඩි තැබීමක්! එක් අයෙක් මරුට!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

ඊයේ (09) රාත්‍රියේ සිදු කළ වෙඩි වැදීමකින් හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු මියගොස් ඇත.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක් බව කරුණු වාර්තා වේ.

මෙම පුද්ගලයා ව්‍යාපාරයක් වශයෙන් හාඩ්වෙයාර් වෙ‍ළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ ඔහු පළමු මහ‍ලේ සිට බිම් මහලට බැස ඇති අවස්ථාවේ වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන් වේ. මෙම වෙඩි වැදීම මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙ‍‍‍තෙක් කරුණු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසන අතර, හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...