රන්න ප්‍රදේශයේ වෙඩි තැබීමක්! එක් අයෙක් මරුට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

ඊයේ (09) රාත්‍රියේ සිදු කළ වෙඩි වැදීමකින් හුංගම තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක හිමිකරුවෙකු මියගොස් ඇත.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක් බව කරුණු වාර්තා වේ.

මෙම පුද්ගලයා ව්‍යාපාරයක් වශයෙන් හාඩ්වෙයාර් වෙ‍ළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ ඔහු පළමු මහ‍ලේ සිට බිම් මහලට බැස ඇති අවස්ථාවේ වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන් වේ. මෙම වෙඩි වැදීම මනුෂ්‍ය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මෙ‍‍‍තෙක් කරුණු අනාවරණය වී නොමැති බව පොලිසිය පවසන අතර, හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...