තුන්වන වාරිකයට අත්සන් තැබීම අනිද්දා.තුනත් අනුමත වුණත් යෝජිත නවීකරණ කිහිපයක් අතරමඟ – IMF

Date:

කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන තුන්වෙනි ණය වාරිකය සඳහා අනිද්දා (12) දිනයේ දී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.

එහෙත් වැදගත් නවීකරණයන් කිහිපයක් සිදුකිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන අතර IMF පිළිබද එහි අලුත්ම යාවත්කාලීන කිරීමට අනුව 2024 මැයි මස අවසන් වන විට ඉටුකළ යුතුව තිබු නිර්දේශවලින් 25%ක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටින බව සඳහන්.

එසේ ඉටුකළ යුතුව තිබු කැපවීම් 63න් 32ක් ඉටුකර ඇති අතර 16ක් ඉටුකර නැති ලෙසත් 15ක් නොදනී ලෙසත් දක්වා තිබේ. මෙම කැපවීම් 16න් 7ක්ම මූල්‍ය කළමනාකරණය අදාළ අතර 6ක් මූල්‍ය විනිවිදභාවයත් 3ක් දූෂණ මර්දන ක්‍රියාවලටත් අදාළ වෙයි.

ඔවුන්ට අනුව රටේ වත්මන් ආර්ථික අර්බුදයට මූලික හේතුන් ලෙස හදුනාගෙන ඇත්තේ විනිවිදභාවයේ,කළමනාකරණයේ හා දූෂණ මර්දන කටයුතුවල දුර්වලතාය. IMF මගින් ආසියාතික රටක සිදුකෙරුණු පළමු ඇගයීම ද ශ්‍රී ලංකාව වෙයි. ඒ 2023 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කෙරුණු ආණ්ඩුකරණ පිළිබඳ ඇගයීම් වාර්තාවයි.

මෙයට සමගාමීව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලයෙහි ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

ඒ ආණූආ බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට ඉක්මනින් එළඹෙනු ඇතැයි ද ඇය සඳහන් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...