වසන්ත යාපා පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් සමඟ සජිත් දිනවන සටනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ආසනයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන කිරිබත්කුඹුරේදී පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතාගේ සංවිධානයෙන් සාර්ථකව පැවැත්වුණු බව සඳහන් වේ.

පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමටත්, 2020 මහමැතිවරණයේදී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතාගේ ජයග්‍රහණය කරවීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය දුන් සහ ක්‍රියාකාරීව කටයුතු කළ පාක්ෂිකයින් 1000 කට අධික ප්‍රමාණයක් ඊයේ දින සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට සහයෝගය දැක්වීමට එක් කර ගැනීම මෙහිදී සිදුවූ බව පැවසේ.

විශේෂයෙන්ම යටිනුවර පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ කඩුගන්නාව නගර සභාවේ හිටපු විපක්ෂනායකවරයා සහ 2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නිදහස් ජනතා සන්ධානය(හෙලිකොප්ටරය) යටතේ යටිනුවර ප්‍රාදේශීය සභාවට සහ කඩුගන්නාව නගර සභාවට ඉදිරිපත් කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සියළුම දෙනාද සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට සහාය දීමට එක් කර ගැනීමද සිදු වූ බව වාර්තා වේ.

මෙම අවස්ථාවට විපක්ෂ නායක නියෝජනය කරමින් සමගි බුද්ධි මණ්ඩ⁣පයේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ද, සමගි ජන බලවේගයේ යටිනුවර ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගැමුණු අබේසුන්දර මමහතා ද සහභාගී වූ බව කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...