සාධනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.සද්භාවයෙන් මැදිහත් වෙන්න – NMSJ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

Date:

කොළඹ LNW:13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර වර්තමාන ජනාධිපතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහයෝගය පළ කර ඇති හෙයින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින එම සාධනීය අභිලාශය අගය කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා එම නිවේදනයෙන් පවසන්නේ උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කර ගත් ගැටළු යළිත් ඇති නොවීමටත්, සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීමටත්, එකී ගැටළු විසදීමේ වගකීම ඊළඟ පරපුරට භාර නොදීමත් අද අප හමුවේ ඇති යුතුකමක් බවයි.

එබැවින් ඒ් පිළිබඳව ප්‍රමුඛ හා ගැඹුරු අවධානයක් යොමු කරමින් ඒ් සඳහා මැදිහත්වීම ඉදිරි මහ මැතිවරණයට පෙර සිදු කළ යුතුව ඇති බවට විශ්වාස කරන අතර ඒ් අනුව 09 වන පාර්ලිමේන්තු කාල සීමාව තුළ ඒ් පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිත ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයෙන්ද සමස්ත විපක්ෂයෙන් ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස ඉමහත් ඔිනෑකමකින් යුතුව ඉල්ලා සිටින බව ජයසූරිය මහතා කියා සිටියි.

”මෙහිදි අප සැළකිල්ලට ගත යුතු හා අගය කල යුතු තවත් කරුණක් වන්නේ එක් රටක් පදනම් කරගනිමින් ජාතියක් ලෙස අප සපුරා ගත යුතු වැදගත් කරුණු වෙනුවෙන් ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාවේ සැළකිය යුතු කණ්ඩායමක් ද ඉදිරිපත්ව සිටිමය. ඒ් පිළිබඳව මේ රටේ ජන සමාජය නියෝජනය කරන ප්‍රමුඛ පාර්ශ්වයන් ද සිය ආශිර්වාදය මේ වන විටත් පළ කර තිබිම ඉතා වැදගත් වනු ඇත. ඒ් අනුව මේ සඳහා ඔවුන්ගේද සහයෝගය හා සහභාගිත්වය ලබාගැනීම ද ඉතා වැදගත් වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එමෙන්ම කවර හේතුවක් මත හෝ මේ පිළිබඳව සිදු කරන සාකච්ජා මඟහැරීම ‌හෝ වර්ජනය නොකිරීම මේ රටේ සියළුම දෙමළ පක්ෂ ද ඇතුළු සමස්ත දේශපාලන පක්ෂවල වගකීමයි. මක්නිසාද යත් පටු දේශපාලනයෙන් බැහැරව උදා වී ඇති මෙම අවස්ථාව පැහැර හැරිය හොත් එය ජාතිද්‍රෝහි ක්‍රියාවක් ලෙස අනාගත පරපුරෙන් අප වෙත චෝදනා එල්ල විය හැකි නිසාය. ඒ් අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත පාර්ලිමේන්තුවෙන් අප නැවත නැවතත් ඉල්ලා සිටින්නේ සද්භාවයෙන් යුතුව මේ පිළිබඳව මැදිහත් වන ලෙසටය.” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...

“සීනි බදු වංචාව” : කිසිදු අපරාධමය වරදක් නෑ. නඩුව අවසන් !

2020 වසරේ ඔක්තෝබර් මාසයේදී සීනි සඳහා පනවා තිබූ රුපියල්...

අද (14) දවසේ මි.මී. 100 තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව,...