වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් CID අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (ජුනි 09) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ජනාධිපති සමාව අවභාවිතා කරමින් සිරකරුවන් යම් ප්‍රමාණයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ය.

ඔහුව අද (ජුනි 10) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. ඒ, ඔහු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ තවදුරටත් කටයුතු කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි නිසාත් පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකිරීම සඳහාත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...

මොස්කව්හි කාර් බෝම්බයක් පුපුරා යාමෙන් රුසියානු ජෙනරාල්වරයෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ...

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...