”සැවොම නිදහස් ලබන තෙක් කිසිවෙකු නිදහස් නැත” – මැඩ්ලීන් නෞකාවේ නිදහස වෙනුවෙන් කොළඹදීත් ඉටිපහන් දල්වයි! (PHOTO STORY)

0
643

කොළඹ LNW:ගාසා තීරය වෙත ආහාර සහ ඖෂධ රැගෙන යමින් තිබූ Madleen (මැඩ්ලීන්) නම් නෞකාව ඊශ්‍රායල හමුදා විසින් අත්පත් කරගැනීමට විරෝධය දක්වමින් කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

පලස්තීන නිදහස් ව්‍යාපාරය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඊශ්‍රායල ග්‍රහණයෙන් එම යාත්‍රාව නිදහස් කරන ලෙසයි එහිදී බල කෙරුණේ.

යත්‍රාවේ නිදහස වෙනුවෙන් මෙන්ම ගාසා තීරය ඊශ්‍රායල ග්‍රහණයෙන් මුදාගැනීම වෙනුවෙන් ඉටිපන්දම් දල්වමින් සිය විරෝධය දැක්වූ අතර නෞකාව නිදහස් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරයම සිය හඬ අවදි කළ යුතුව ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

සැවොම නිදහස් ලබන තෙක් කිසිවෙකු නිදහස් නැත යනුවෙන් ඔවුන් තවදුරටත් අවධාරණය කරයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න