බන්ධනාගාරයක සිරකරුවන් දෙජාතියක් ඉන්නවා.
01.රිමාන්ඩ් සිරකරුවන් හෙවත් රක්ෂිත භාරයට පත් කලවුන්.
02.අච්චු විදින්නන් හෙවත් සිර දඩුවම් විදින්නන්.
01.නඩුවක් විභාග කර සිර දඩුවම් නියම කිරීමට පෙර හෝ නිදහස් කිරීමට පෙර , ඇප ප්‍රතික්ෂේප කර හෝ, දුන් ඇප අවලංගු කර බන්ධනාගාරය වෙත යවන අය තමා රිමාන්ඩ් සිරකරුවන් වෙන්නේ.ඔවුන්ට ජම්පර් අන්දන් නෑ.ඔවුන්ගෙන් කිසිම වැඩක් ගන්නෙත් නෑ.
එවැන්නෙක් රිමාන්ඩ් කරද්දී අධිකරනය විසින් රැදවුම් බලපත්‍රයක් බන්ධනාගාරය ට ලබා දෙනවා.එවැනි බලපත්‍රයක් නොමැතිව බන්ධනාගාරය ට කෙනෙක්ව භාර ගන්න බෑ.
එවැනි බලපත්‍රයක් මහාධිකරණ විනිසුරුවරයෙක්, මහෙස්ත්‍රාත්වරයෙක් හෝ එදින සේවයේ සිටින වැඩ බලන මහෙස්ත්‍රාත්වරයෙක් විසින්ම අත්සන් කල යුතුයි. ඔවුන්ට අදාල අධිකරනය විසින්ම ඇප නියම කලොත් මිස එලියට යන්න බෑ. ඔවුන්ට ඔය පොදු සමාව කියන එක හිමි වෙන් නෑ.
අනෙක් විශේෂම කාරනය තමා, රිමාන්ඩ් භාරයේ සිටිද්දී මේ අයෙක්ට අධිකරනය ඇප නියම කලත් බන්ධනාගාරය මගින් ඔවුන්ව නිදහස් කරන්න බෑ.අධිකරනයට ගෙනවිත්ම මුදා හරින්න ඕනෑ.
02.නඩු විභාගයකින් වරදකරු කරලා සිර දඩුවම් නියම කරන අය තමා දෙවැනි ඛාන්ඩය.
ඒ අය බන්ධනාගාරය ට යවන්නේ දඩුවම් බලපත්‍රයක් හරහා.එය ප්‍රධාන විනිසුරුවරයා විසින්ම අත්සන් කල යුතුයි.වැඩ බලන මහෙස්ත්‍රාත්වරයකු ටවත් ඒකට අත්සන් කරන්ඩ බෑ. මෙයාලට ජම්පර් අන්දනවා.ලිහිල් හෝ බරපතල සිර දඩුවම් නියම වී ඇති ආකාරය අනුව ඔවුන්ගෙන් වැඩ ගන්නවා.
වරදේ හා දඩුවමේ මන්දාධ්ක ස්වරූපය, සිරකරුගේ යහපත් හැසිරීම, සිර ගතව සිටි කාලය,වයස, ශරීර සෞඛ්‍යය වාගේ දේවල් බලලා , මේ අයගෙන් තෝරා ගත් පිරිසකට තමා අර පොදු සමාව ලැබෙන්නේ.
වෙසක් පෝයට පොදු සමාව දෙනවනං ඔය ලිස්ට්ටෙක හදන්නේ ඊට මාස දෙකකටවත් කලිං ඉදලා.
බන්ධනාගාර අධිකාරිවරයා සකසන ඒ ලිස්ට් එක නියෝජ්‍ය කොමසාරිස්වරුන් හරහා කොමසාරිස් ජනරාල් අත්සන් කරලා,ඒක අධිකරන අමාත්‍යාංශය ට යවලා, එතනිං ජනාධිපති කාර්‍යාලයට යැව්වම , ඒකේ කරුනු නැවත තහවුරු කර ගත්තම තමා, ඒ ලිස්ට්ටෙක ජනාධිපතිවරයාගේ අත්සනට යවන්නේ.
ජනාධිපතිවරයා ඔය ලිස්ට්ටෙකේ ඉන්නේ මොකාද, නැත්තේ මොකාද , මොනවා කරපු උන්ද , වගේ දේවල් හොයන් නෑ. මෙතනදී, ජනාධිපතිවරයා ට තමන්ගේ නිලධාරින් කෙරෙහි විශ්වාසය තබන්න වෙනවා. ඒකට වැරදි කෙනෙක්ගේ නමක් ඇතුලත් වුනා කියලා ජනාධිපතිවරයා ට වගකීම පටවන්න බෑ.
ඉතිං ඒ වාර්තාව අදාල බන්ධනාගාර වෙත යැව්වාම බන්ධනාගාරය මගින්ම ඒ ලිස්ට්ටෙකේ ඉන්න අය නිදහස් කරනවා. අනුරාධපුර දී ඊයේ පෙරේදා වුනෙත් ඔන්න ඔය ක්‍රියාදාමය පිට පොට පැනීමක්.
ඔය අනුරාධපුර හාදයාට පොදු සමාව ලැබෙන්ඩ කොහෙත්ම විදියක් නෑ.අනීතිකව තමා නිදහස් කරලා තියෙන්නේ.
මෑන්ට නියම වුනේ ” රුපියල් 20 000 ක දඩයක්, නොගෙව්වොත මාස හයක සිර දඩුවම් , ඊට අමතරව ලක්ෂ 20 ක මුදල වන්දි මුදලක් වන්දියක් ලෙස වින්දිතයාට ගෙවන්න., නොගෙවන්නේනම් එය දඩයක් ලෙස අය කර ගන්න., එම දඩයද නොගෙවන්නේනම් මාස 06 ක සිර දඩුවම්..” ආකාරයේ දඩුවමක්.
කෙසේ වෙතත් දඩ ගෙවීමට දින ලබා දී ඇත.06/04.
මෑන්ට වෙනත් නඩු කිහිපයකටම ඒ වෙනතුරු ඇප නොලැබී තිබුන නිසා තමා මෑන් ආපහු බන්ධනාගාරය ට ගෙන යන්නේ.
මේ වගේ වෙලාවට විනිසුරුවරයා විසින් දඩුවම් බලපත්‍රයක් නිකුත් කරන්නේ නැත.
මන්ද, දඩුවම් නියම කලත්, එම දඩුවම ක්‍රියාත්මක වන්නේ 06/04 දින මෑන් දඩ ගෙවනවාද නැද්ද යන්න මතය.
දඩුවම් ක්‍රියාත්මක කර නැති, දඩුවම් බලපත්‍රයක් නිකුත් නොකර එහෙම ඉන්න අයෙක්ට තමා මේ පොදු සමාව ලැබෙන්නේ.
එහෙම වෙන්න කොහෙත්ම විදියක් නෑ.
හැබැයි දඩේ ගෙවනවාද නැද්ද යන්න බැලීමට මෑන් උසාවියට ගෙනාව එකෙං තමා වැඩේ පත්තු වෙන්නේ.
බරපතලම කාරනේ තමා මේ විදියට අනීතිකව මුදා හැරුනු තවත් අය සිටින බව අනාවරනය වීම. ඒකෙං තේරෙනවා මේ ක්‍රියාවලියේ මොකක් හරි අව්ලක් තියෙනවා කියන එක. කව්ද හරි, කව්ද වැරදි හොයන අතරෙම අවුල මොකක්ද කියලා හොයාන මේ හිදැස වැහුවේ නැත්තං දිගටම මේ වැඩේ වෙයි.
යෝජනා…
01.පොදු සමාව යෝජනා කරන සෑම සිරකරුවෙක්ගේම නඩුවේ අවසන් දින කාර්‍ය සටහනේ පිටපතක් යෝජිත ලයිස්තුව සමග බන්ධනාගාර අධිකාරි විසින් ගොනු කල යුතු අතර, එකී කාර්‍ය සටහනේ පිටපතක් අධිකරන රෙජිස්ට්‍රාර්වරයා විසින් ගාස්තු අය කර ගැනීමකින් තොරව ඔහුට ලබා දිය යුතු යි.
02.ඊට අමතරව සිරකරුගේ දඩුවම් බලපත්‍රයේ සහතික පිටපතක් ද අමුනා යැවිය යුතුයි.
03.යෝජිත සිරකරුගේ ඇගිලි සටහන් ලබා ගෙන , ඒවා රජයේ රස පරික්ෂකවරයා වෙත යවා සිරකරුගේ පෙර වැරදි වාර්තා කැදවා ඒවාද අමුනා යැවිය යුතුයි.
04.සිරකරුගේ පැහැදිලි චායා රූපයක්ද ඒ සමග අමුනා යැවිය යුතුයි.
05.එම නිර්දේශ බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලැබුනු පසු, කොමසාරිස්වරයා ඒ සෑම සිරකරුවෙක් වෙනුවෙන්ම ඒ ඒ බන්ධනාගාර පවත්වාගෙන යනු ලබන ලිපි ගොනුව කැදවා දී ඇති තොරතුරු තහවුරු කර ගත යුතුයි.
06.එකී සියලු ලේඛන අධිකරන අමාත්‍යාංශයට ලැබුනු පසු , ඒ ඒ අයගේ විෂය පථයන්ට අනුව අදාල ලේඛන අදාල අධිකරන රෙජිස්ට්‍රාර්වරු, නඩු පවරන ලද පොලිස් ස්ථානාධිපතිවරු, ආයතන ප්‍රධානින්, හෝ නීතිපති වෙත යවා ඒවාගේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගත යුතුයි.
- අමාත්‍යාංශය විසින් ජනාධිපති කාර්‍යාලයට නිර්දේශ ඉදිරිපත් කල පසු, බැලූ බැල්මට යම් සිරකරුවෙක් සම්බන්ධයෙන් එවා ඇති නිර්දේශ සැක සහිතනම් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කර ඒ සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් කැදවිය යුතුයි.
08.ජනාධිපති කාර්‍යාලය අවසන් වාර්තාව ජනාධිපතිවරයාට යොමු කර ඔහු එය අත්සන් කල විගස , පොදු සමාව ලබා දීමට අනුමැතිය දුන් එක් එක් සිරකරුවන් සිර භාරයට පත් කල අධිකරන රෙජිස්ට්‍රාර්වරුන්ට ඒ ඒ සිරකරුවන් වෙනුවෙන් පොදු සමාව දුන් වරදකරුවෙකි/ සිරකරුවෙකි..වැනි ශීර්ෂයක් යටතේ නිදහස් කිරීමේ බලපත්‍රයක් සකසා ලැබීමට සැලැස්විය යුතුය.
09.එවැනි බලපත්‍රයක් ලත් සෑම අධිකරන රෙජිස්ට්‍රාර් වරයෙක්ම අහවල් දින , අහවල් සිරකරු පොදු සමාව මත විවෘත අධිකරනයේදී මුදා හැරීමට නිර්දේශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ යම් විරෝධයක් ඇතොත් එදින පෙනී සිට සිය විරෝධතා දැක්විය හැකි බවත් දක්වන ප්‍රසිද්ධ දැන්වීමක් සති දෙකකටවත් පෙර සිට අධිකරන දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කල යුතුය.
10.නිදහස ප්‍රදානය කරන දින එසේ නිදහස ප්‍රදානය කිරීමට නිර්දේශ කරන ලද සිරකරුවන් ඒ ඒ බන්ධනාගාර අධිකාරිවරුන් විසින් අදාල අධිකරන වෙත ඉදිරිපත් කල යුතුය.
11.එසේ එකී සිරකරුවන් අධිකරනයට ඉදිරිපත් කරන දින එකී නඩුවට සම්බන්ධ්ත චෝදක පාර්ශ්වය අනිවාර්යයෙන් අධිකරනය හමුවේ පෙනී සිටිය යුතුය.
12.සිර දඩුවම නියම කර ඇත්තේ මහාධිකරණ විනිසුරුවරයෙක්නම්, මෙවැනි අවස්තාවක සුදුසු නියෝගයක් දීමේ බලතල ඒ අධිකරන කලාපයේ සිටින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට පැවරිය යුතුය.
- කරුනු සලකා බලා, සිරකරුවන් මුදා හැරීමට ද,යම් පාර්ශ්වයක් ආවේගාත්මකව හෝ පදනම් විරහිතව විරෝධය පාන්නේනම් විරෝධයට යටත්ව සිරකරුවන් මුදා හැරීමටද, ප්‍රභල හා බැලූ බැල්මට සාධරනයැයි පෙනී යන විරෝධයක් ආ විට, විරෝධතා විමසුමක් කර අවසන් තීරනයක් දෙන තෙක් නියෝගය කල් තැබීමටද, එවැනි ප්‍රභල විරෝධයක් පැන නොගනිනේනම් එකී සිරකරුවන් අනිවාර්යයෙන් නිදහස් කල යුතුය.
14.ඔවුන් සිර ගත කලේ අධ්කරනයනම්, ඔවුන් මුදා හැරීමේ අවසන් බලතලත් අධිකරනයට දිය යුතුය..
බන්ධනාගාරය මගින් කිසිම සිර කරුවකු මුදා නොහැරිය යුතුය.!
~ නීතීඥ වසන්ත සිරි වටගොඩ
