නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW:
ක්‍රිකට් සම්මාන රාත්‍රියට පෙර අප තැබූ සටහන ප්‍රකාරව ක්‍රිකට් සම්මාන උළෙලේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇගයීමේදී චමරි අතපත්තු සම්මානවලින් නැහැවිණ.ඇය වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව වීමට අමතරව එක්දින සහ විස්සයි විස්ස ආකෘති දෙකේම හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව ද වූවාය.එසේම එම ආකෘති දෙකේම හොඳම පිතිකාරිණිය වූ චමරි විස්සයි විස්ස තරගවල හොඳම පන්දු යවන්නිය හැටියට ද ගෞරවයට පාත්‍ර වූවාය.ඇයට කාන්තා අංශයේ නොලැබුණ එකම සම්මානය හොඳම එක්දින පන්දු යවන්නිය හිමි වූයේ කවිශා දිල්හාරිට ය.අප සම්මාන උළෙලට පෙර සටහන් කළේ ද චමරිට හෝ ඇය යටතේ සාර්ථකත්වයට පත් කවීශා දිල්හාරි හෝ හර්ෂිතා සමරවික්‍රමට වැඩි අවධානයක් හිමිවෙනු ඇති බවය.හර්ෂිතාට නොලැබුණත් චමරිට නැති වුණ එකම ඇගයීම කවීශාට හිමි වූ අතර එය ද යම් ආකාරයක චමරිගේ සාර්ථකත්වය ඇගයීමට ලක්විමක්ය.
වනිඳු හසරංගට සම්මාන තුනක් හිමි විය.ඒ හොඳම එක්දින සහ විස්සයි විස්ස පන්දු යවන්නා සහ විස්සයි විස්ස හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මානය.කමිඳු මෙණ්ඩිස් පසුගිය කාලයේ වැඩි අවධානයක් දිනා ගත් ටෙස්ට් ක්‍රීඩකයා විය.ඔහු වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයා මෙන්ම හොඳම ටෙස්ට් පිතිකරුවා ලෙස ද ඇගයීමට පාත්‍ර විය.සෙට් තරග අංශයේ හොඳම පන්දු යවන්නා වූයේ ප්‍රභාත් ජයසූරියය.හො තුන් ඉරියව් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා ලෙස ඇගයීසට පාත්‍ර වූයේ ධනංජය ද සිල්වා ය.

එක්දින තරග පිටියේ හොඳම පිතිකරු වූයේ පැතුම් නිශ්ශංකය.හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක සම්මානයට පාත්‍ර විය.විස්සයි විස්ස පිටියේ හොඳම පිතිකරුගේ සම්මානය හිමි වූයේ කුසල් මෙණ්ඩිස්ට ය.
වසරේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානය ජනිත් ලියනගේ ට හිමි විය.කාන්තා අංශයේ එවැනි සම්මානයක් නොතිබිණ.තිබුණානම් එය ද වැදගත්ය.පසුගිය කාලයේ අලුත් ක්‍රීඩිකාවන් ගණනාවක් ජාතික කණ්ඩායමට එක් විණ.ඒ අතරින් දෙව්මි විහංගා,මල්කි මධාරා වැනි ක්‍රීඩිකාවන් හොඳින් දස්කම් දක්වන්නටද සමත් විය.එවැනි සම්මානයක් මේ සම්මාන උළෙලේ දී පිරිනැමුවේනම් බොහෝ විට අපට එම සම්මාන රාත්‍රියෙදී දෙව්මි හෝ මල්කි එම සම්මානය අත දරා සිටිනු දකින්නට ඉඩ තිබිණ.

ජාත්‍යන්තර වශයෙන් දක්වන ලද දක්ෂතා සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් ඇගයීමක් වන අතරේ දේශිය ක්‍රිකට් පිටියේ ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලි ඇසුරේ ද දක්ෂයන් සහ කණ්ඩායම් සම්මානයට පාත්‍ර වීම ද සිඳු විය.එසේම ජීවිතයට එක්වරක් පමණක් පිදෙන ගෞරව පූර්වක සම්මාන ප්‍රදානයද එහිදී සිඳු විය.එම සම්මානවලින් රංජිත් ප්‍රනාන්දු,චන්ද්‍රා ෂාප්ටර්,ස්ටැන්ලි ජයසිංහ සහ ජානක පතිරණ ඇගයීම් ලැබීය.බොහෝ ක්‍රිකට්ලෝලීන්ට අමුත්තෙකු නොවුණ රංජිත් ප්‍රනාන්දු ගම් නියම්ගම්වල ක්‍රිකට් පිපාසිත ප්‍රජාව හමුවට රූපවාහිණියෙන් පැමිණි දසුන්වල මතක ඒ මොහොත එම සභාවටත් වැඩිය රටපුරා සජීවීව එය නරඹමින් සිටි අයට දැණුනාට සැක නැත.රංජිත් ප්‍රනාන්දු පමණක් නොව ස්ටැන්ලි ජයසිංහ වැනි පුරාවෘත්ත හා බැදුණු ශ්‍රේෂ්ඨ ඉතිහාස කතාවන්ද,පරිපාලකයෙකු මෙන්ම බොහෝ ක්‍රීඩකයන්ට අනුග්‍රාහකත්වයේ අත්වාරුව දුන් චන්ද්‍ර ෂාප්ටර් වැන්න ද ඇගයීම විඹිෂ්ඨය.හැඟීම්බර මොහොතක් ඇති කළ එම ඇගයීම් අතරට අලුතින්ම ප්‍රාදේශිය වශයෙන් පරිපාලනය තුළ සිය සළකුණු සටහන් කරමින් ජාතික තලයට ප්‍රවේශ වී සිටින මධ්‍යම පළාතේ ජානක පතිරණ එක් කිරීමද අලුත් හැඩයක්ය.
හෝම් ලෑන්ඩ්ස් මෙම සම්මාන රාත්‍රියේ අනුග්‍රහයට උර දීම ඔවුන් නියැලෙන ඉදිකිරීම් කේෂ්ත්‍රයට අදාළව විශ්වාසය සහ තිර බව සහතික කිරීමකි.එයට අවශ්‍යය අලංකාරය සහ පෞඩත්වය සමඟින් ගත වූ සම්මාන රාත්‍රියේ තීරණ තීන්දු සියල්ල,සමහර විට සියල්ල සතුටු වන ඒවා නොවිය හැකිය.ඒ හැටිය.ඒ නිසා මේ සම්මාන රාත්‍රියට එකතුවීමෙන් හෝම් ලෑන්ඩ්ස් ඇගයීමට පාත්‍ර කරේ ලෝකයේම අවධානය දිනා ගත් ලාංකිකයන් පිරිසක්ය.ඒ ගැන විවාදයක් නැත.ඒ නිසා ඒ රාත්‍රිය හෝම් ලෑන්ඩ්ස්ට, ලෝකයට වඩා විවෘත වූ රාත්‍රියක් ලෙස සිතා සතුටු වන්නට පමණක් නොව ආඩම්බරවන්ට ද පුළුවන් රැයකි.

සම්මාන රාත්‍රියේ ආලෝකය වූ සම්මානලාභීන් මෙන්ම ඊට යෝජිත වූ සියලු දෙනාත්,ඊට සහභාගි වූ කණ්ඩායම්වල සියළුම දෙනාත් එම සම්මාන රාත්‍රිය හැඩකර තිබූ අපූරු විචිත්‍රාංග තරමටම ඒ රාත්‍රිය විචිත්‍ර කළෝ වූහ.ඒ සියල්ලම මෙවැනි රාත්‍රීන්වලින් දෙන පණිවිඩය ලංකාව විචිත්‍රවත් කරන්නට ශක්තිය සහ උනන්දුව බව අවබෝධ කරගෙන කටයුතු කිරීමෙන් එළැඹෙන වසරේ සම්මාන රාත්‍රිය මීටත් වඩා අභිමානවත් කිරීමට දායක විය හැකිය.



