සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දීය වෙරළට ඔබ්බෙන් ගිනිගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කේරළ ප්‍රාන්තයේ වෙරළට ආසන්නව සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරය බලා යමින් තිබූ MV Wan Hai 503 නෞකාවේ ඊයේ(09)දිනයේදී අභ්‍යන්තර බහාලුම් පිපිරීමක් වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යානයේ විශාල ගින්නක් ඇති විය.

සිංගප්පූරු සමුද්‍රීය හා වරාය අධිකාරිය (MPA) ප්‍රකාශ කර තිබුණේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දහඅට දෙනෙකු බේරාගෙන ඇති අතර, සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවත්ය.

කේරළ වෙරළ ආසන්නයේ සති තුනක් ඇතුලත දෙවන සිදුවීම මෙය වන අතර කේරළ වරාය අමාත්‍ය වී.එන්. වාසවන් පැවසුවේ නෞකාවේ බහාලුම් 50 ක් මුහුදට වැටී ඇති බවත් තෙල් ටොන් 100ක් රැගෙන යමින් සිටි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...