සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දීය වෙරළට ඔබ්බෙන් ගිනිගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කේරළ ප්‍රාන්තයේ වෙරළට ආසන්නව සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි නගරය බලා යමින් තිබූ MV Wan Hai 503 නෞකාවේ ඊයේ(09)දිනයේදී අභ්‍යන්තර බහාලුම් පිපිරීමක් වාර්තා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යානයේ විශාල ගින්නක් ඇති විය.

සිංගප්පූරු සමුද්‍රීය හා වරාය අධිකාරිය (MPA) ප්‍රකාශ කර තිබුණේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දහඅට දෙනෙකු බේරාගෙන ඇති අතර, සිව් දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවත්ය.

කේරළ වෙරළ ආසන්නයේ සති තුනක් ඇතුලත දෙවන සිදුවීම මෙය වන අතර කේරළ වරාය අමාත්‍ය වී.එන්. වාසවන් පැවසුවේ නෞකාවේ බහාලුම් 50 ක් මුහුදට වැටී ඇති බවත් තෙල් ටොන් 100ක් රැගෙන යමින් සිටි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...