අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ  සංගමයෙන් විරෝධය!

Date:

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW :

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ  සංගමය විරෝධය පළ කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේ අදාළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් ලබන 15 වනදායින් පසු වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බවයි.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සියලු බලධාරින් ඒ පිළිබඳ වැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් විසි පන්දහස් පනස් පස් දෙනෙකු වාර්තාවී ඇති අතර සිදුව ඇති මරණ ගණන 13ක් වන අතර, ඒ අතරින් වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක ද ඩෙංගු ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ පළමු අගමැතිනි Khaleda Zia ජීවන ගමනින් නික්මෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන ආණ්ඩුවක් අපි හැදුවා. සමාජ පරිවර්තනයත් සිදු වුණා – නි. ඇමති කෞශල්‍යා

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහජන...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට විශිෂ්ඨ සම්මානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: People's Excellency Awards 2025...

ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත – ක්‍රීඩා අමාත්‍යංශය කියයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: මෙම සංගීත ප්‍රසංගය දෙසැ...