අපට දැන් කවුරුත් ණයට තෙල් දෙන්නේ නෑ. අත්පිට මුදලට තමා ගන්න වෙන්නෙ – කංචන (VIDEO)

Date:

ශ්‍රී ලංකාවට මේ වනවිට කිසිදු පාර්ශ්වයකින් ණයට ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“අත්පිට මුදලට පමණයි අපට අද ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු කරන්න සිදුවෙන්නෙ. ජුනි මාසය සඳහා පමණක් ඩොලර් මිලියන 500කට වැඩි මුදලක් අපට අවශ්‍යයයි කියලා අපි උපකල්පනය කරලා තියෙනවා, රුපියල්වලින් ගත්තොත් රුපියල් බිලියන 203ක්. මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් විවිධ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළා මේ රුසියාවෙන් තෙල් ගන්නැත්තෙ ඇයි, අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී ගන්නැත්තෙ ඇයි කියන එක. අපි ඒ සියලුම යෝජනා, අපට ගන්න පුළුවන් කොන්දේසි යටතේ මොනවද කියන එක ඒ හැම ආයතනයකටම දන්වලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා සුදුසුම සැපයුම්කරුවන් එක්ක ගිවිසුම්ගත වෙලා සැපයුම අඛණ්ඩව ලබාගැනීමට කටයුතු කරන්න”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...