අපට දැන් කවුරුත් ණයට තෙල් දෙන්නේ නෑ. අත්පිට මුදලට තමා ගන්න වෙන්නෙ – කංචන (VIDEO)

Date:

ශ්‍රී ලංකාවට මේ වනවිට කිසිදු පාර්ශ්වයකින් ණයට ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත් අත්පිට මුදලට පමණක් ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“අත්පිට මුදලට පමණයි අපට අද ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු කරන්න සිදුවෙන්නෙ. ජුනි මාසය සඳහා පමණක් ඩොලර් මිලියන 500කට වැඩි මුදලක් අපට අවශ්‍යයයි කියලා අපි උපකල්පනය කරලා තියෙනවා, රුපියල්වලින් ගත්තොත් රුපියල් බිලියන 203ක්. මේ පාර්ලිමේන්තුව ඇතුළෙත් විවිධ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළා මේ රුසියාවෙන් තෙල් ගන්නැත්තෙ ඇයි, අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී ගන්නැත්තෙ ඇයි කියන එක. අපි ඒ සියලුම යෝජනා, අපට ගන්න පුළුවන් කොන්දේසි යටතේ මොනවද කියන එක ඒ හැම ආයතනයකටම දන්වලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා සුදුසුම සැපයුම්කරුවන් එක්ක ගිවිසුම්ගත වෙලා සැපයුම අඛණ්ඩව ලබාගැනීමට කටයුතු කරන්න”

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...