*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අපි බලාපොරොත්තු දල්වාගෙන හිටියත් සමගි ජන බලවේගයෙන් ඒවා ඉටුවුණේ නෑ – චම්පික (VIDEO)

සමගි ජන බලවේගය සම්බන්ධයෙන් තමන් බලාපොරොත්තු සහගතව සිටියත් ඒවා ඒ ආකාරයෙන්ම ඉටු නොවුණු බව 43 වැනි සේනාංකයේ සේනාවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“මේ රටේ දේශීය සංස්කෘතිය හඳුනාගත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයයි, මේ රටේ දැන උගත් මිනිස්සුන්ට ගැළපෙන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයයි, මේ අලුත් තරුණ පරපුරට ගැළපෙන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයයි කියන පදනමේ ඉඳගෙන තමයි අපි බලාපොරොත්තු දල්වා ගත්තෙ සමගි ජන බලවේගය ගැන. නමුත් ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු නොවිච්ච බව සියලු දෙනාටම පෙනෙනවා, දැනෙනවා. ඉතින් ඒ අනුව අපි සමගි ජන බලවේගය නමැති පක්ෂයට එකතුවීමේ සූදානමක් නැති බව අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. සමගි ජන බලවේගයේ අනාගත ක්‍රියාමාර්ග මත ඒ අය විසින් ඇති කරන්න යන ප්‍රතිපත්ති හා ඔවුන්ගේ පක්ෂයේ හා ඔවුන් ගොඩනඟන්න යන සන්ධානයේ ක්‍රියාමාර්ග දෙස අපි බලන් ඉන්නවා. කෙසේවෙතත් සමගි ජන බලවේගයත් අපේ සතුරු බලවේගයක් නෙවෙයි, අපේ මිතුරු බලවේගයක්”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වැනි සේනාංකය විසින් ඊයේ (09) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan