*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සාගතය නිසා සිය ගණනින් මිය යන සෝමාලියාවේ මිනිසුන්; උදව් කළ හැක්කේ දෙවියන්ට පමණි!

කිසිදු මවකට සිය දරුවා අහිමි නොවිය යුතුය.

Owliyo Hassan Salaad මේ වසරේ සිය දරුවන් සිව් දෙනෙකු මිය යන ආකාරය සියැසින් දැක ඇත. ඇය 3 හැවිරිදි අලි ඔස්මාන්ව සිය ගමේ සිට සෝමාලියානු අගනුවරට කිලෝ මීටර් 90ක් පයින්ම රැගෙන ගියේ ඔහු හෝ බේරා ගැනීමේ උත්සහයෙනි. සියල්ල මංමුලා සහිතය. සෝමාලියාවේ මංද පෝෂණ ප්‍රතිකාර මධ්‍යස්ථානයක බිම වාඩි වී සිටින ‌බොහෝ අම්මාවරුන්ගේ තත්වය මේ හා සමානය.

ලැව් ගින්නක් මෙන් ඇවිලීයන මන්ද පෝෂණයෙන් මිය යන සංඛ්‍යාව සීඝ්‍ර වශයෙන් වර්ධනය වෙමින් පවතියි.

මීට අමතරව ;

සමහරු දුරස්ථ එඬේර ප්‍රජාවන් තුළ මිය යති. සමහරු උදව් පතා කඳු තරණයේදී මිය යති. ඇතැමෙක් අවතැන් කඳවුරුවලට ගිය පසු පවා මියයන්නේ ආධාර කළ නොහැකි මන්දපෝෂණය හේතුවෙනි.

සෝමාලියාවේ, ඉතියෝපියාවේ සහ කෙන්යාවේ බලධාරීන් සාගතය වැලැක්වීමේ දරුණු අරගලයට මුහුණ දෙමින් ඇත. නමුත් තත්වයන්ගේ හා අවස්ථාවන්ගේ වෙනසක් නැත.

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක Adam Abdelmoula ප්‍රකාශ කරනු ලැබුවේ අනිවාර්යෙන්ම දහස් ගණනක් මියගොස් ඇති බවත් , එය තහවුරු කිරීමට දත්ත තවමත් පැමිණ නොමැති බවත්ය.

පවතින රුසියා- යුක්‍රේන යුද්ධය වැනි ගෝලීය අර්බුද හේතුවෙන් මේ වන විට ලැබෙමින් තිබූ මානුෂික ආධාර අඩු වී ඇත. තිරිඟු සහ පිසින තෙල් වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය සඳහා මිල ඉක්මනින් ඉහළ යමින් පවතී, මීට අමතරව පවුල්වලට කිරි, මස් සහ ධනය සපයන පශු සම්පත් මිලියන ගණනක් මේ වන විට මිය ගොස් ඇත. කුසගින්නෙන් පෙළෙන අයට ප්‍රතිකාර කිරීම සඳහා චිකිත්සක ආහාරවල පවා මිල අතිශය ඉහළ අගයක් ගනියි. තත්වය අතිශයින්ම කණගාටුදායකය.

සාගතයට හසුව මන්දපෝෂණයෙන් පෙළුණු දරුවන්ගේ කුඩා සිරුරු සෝමාලියාවේ සුලබ දසුනකි.

යුනිසෙෆ් සංවිධානය විසින් ප්‍රකාශ කර තිබුණේ ලෝකය යුක්‍රේන යුද්ධය පිළිබඳ පමණක් අවධානය යොමු කරන්නේ නම් , සංඛයාත්මකව ළමා මරණවල පිපිරීමක් සිදු විය හැකි බවයි.

සෝමාලියානු වෛද්‍යවරයෙකු වන මුස්තාෆ් යූසුෆ් පවසා තිබුණේ මැයි මාසය තුළ පමණක් මධ්‍යස්ථානය වෙත රෝගීන් 122 පමණ ඇතුලත් කර ඇති බවයි. දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව පසුගිය වසරට වඩා 55% කින් ඉහළ ගොස් ඇත.

මානුෂීය කණ්ඩායම් සහ පළාත් පාලන ආයතන විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව අප්‍රේල් දක්වා සෝමාලියාව පුරා බාහිර රෝගී සහ නේවාසික මන්දපෝෂණ ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවම වශයෙන් පුද්ගලයින් 448 දෙනෙකු මිය යන්නට බව සැලකේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ විශ්ලේෂණ ඒකකය විසින් අප්‍රේල් හා මැයි මාස වල සෝමාලියාවේ සමහර ප්‍රදේශවල සිදු කරන මරණ සමීක්ෂණයන්ට අනුව “ඉතා කෙටි කාල රාමුවක් තුළ දරුණු හා වේගවත් පිරිහීමක්” එමඟින් පෙන්නුම් කරන බව පැවසේ.

මරණ සහ උග්‍ර මන්දපෝෂණය දකුණු හා මධ්‍යම සෝමාලියාවේ බොහෝ ප්‍රදේශවල “විපරීත ලෙස ඉහළ මට්ටමකට ළඟාවනු දක්නට ලැබෙන අතර පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව අවුරුදු 5 ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ හඳුනා ගැනීම් 40% කින් ඉහළ ගොස් ඇත. හේ කෙසේ නමුත් , ජාත්‍යන්තර ප්‍රජාව මේ කෙරේ දක්වන්නේ මන්දගාමී ප්‍රතිචාරයකි.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan