රාසමානික්කම්ගේ කතාව ඉල්ලා අස්කරගන්න.නැත්නම් වාර්තාවක් කැඳවනවා – අගමැති සැරවෙයි

Date:

පසුගිය මැයි 20 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් සිදුකළ කතාව ඉල්ලා අස්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ,අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා වන විශේෂ ප්‍රකාශයේදීය.

පසුගිය මැයි 09 වැනිදා රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම් සාධාරණිකරණය කරමින් රසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදුකළ අතර එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකඟ නැති බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතිය අවසන් වන විට එම පප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව පළකර එය ඉල්ලා අස්කර ගන්නා ලෙසයි එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ.

එය ඉල්ලා අස්කර නොගන්නේ නම් කථානායක වෙත එය විභාග කර අදාළ කොමිටියට දමා වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද අගමැතිවරයා කියා සිටියේය.

මෙහිදී අගමැතිවරයා විසින් පසුගිය 20 වැනිදා රාසමනික්කම් මන්ත්‍රීවරයා විසින් කරන ලද කතාවද සභාවට කියවා සිටින ලදී.

”20 සංශෝධනය වාගේ රටට අහිතකර දේවල්වලට ජන්දය දුන්න නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. ඒ කියන්නේ විරුද්ධ අදහසක් තිබුණ නිසා ගෙවල් ගිනි තිබ්බා. 2020 බජට් එකට 2021 කියන මේ හැම බජට් එකේම වැරදි ආර්ථික ප්‍රතිපත්ති තිබුණා. 20,21 බජට් දෙකටම අතුස්සපු මිනිස්සු නිසා තමයි ගෙවල් ගිනිතිබ්බේ. කුමාර වෙල්ගම මන්ත්‍රීතුමාගේ එකට මොනවත් කළේ නැහැ. ජනතාව පාවාදීම සහ ජනමතය පාවාදීම නිසා තමයි ඒගොල්ලන්ට වුණේ කියන එක මතක තබාගන්න.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙලෙස කතා කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි මෙහිදී අගමැතිවරයා සඳහන් කළේ.

”මට මතකයි ලක්ෂමන් කදිරගාමර් මැතිතුමා ඝාතනය කරද්දී අපි ඔක්කොම නැගිටලා ඒක විවේචනය කළා. ඒක හෙළා දැක්කා. එතුමාව විවේචනය කරපු අය හිටියා පිටින්. ඒ කියන්නේ LTTE සංවිධානයෙන් එතුමාව විවේචනය කළා. දැන් මේක ඇතුළෙන් කරනවා.” යනුවෙන් අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...