එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයෙන් එන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය වසා දමා ඇති බව එහි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඉරානයට එරෙහිව ඇමරිකා- ඊශ්‍රායල් යුද්ධය තුන්වන සතියටත් අඛණ්ඩව පැමිණෙමින් තිබියදී ඊයේ(16)දිනයේදී ඉරාන රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ගුවන්තොටුපලේ ඉන්ධන ටැංකියක් පුපුරා යාම සමඟ මෙම තීරණය ගෙන ඇත.

මැද පෙරදිග මෙම තත්වය වසරකට ඩොලර් බිලියන 367 ක් පමණ වටිනා මැද පෙරදිග සංචාරක ව්‍යාපාරයට දැඩි ලෙස බලපා ඇති අතර සමහර මාර්ගවල ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද 70% කින් ඉහළ ගොස් තිබේ.

ලොව බොහෝ ගුවන් සමාගම් මේ වන විට ඩුබායි, රියාද්, ටෙල් අවිව් සහ බීරූට් වෙත ගුවන් ගමන් අවලංගු කිරීම මාර්තු සහ අප්‍රේල් මාසවල අග දක්වා දීර්ඝ කර ඇති අතර මේවන විට කලාපයේ ගුවන් ගමන් සේවා විශාල ප්‍රමාණයක් අඩපණ වී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අනෙකුත් ගල්ෆ් රටවල් ඇමරිකානු හමුදා පහසුකම් සඳහා සත්කාරකත්වය සපයන හෙයින් නිරන්තරයෙන් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයන්ට භාජනය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...