*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

මැයි මාසයේ මහ බැංකුවේ මැදිහත්වීම් …

මහ බැංකුවේ සංචිත ඉහළ යාම ගැන කියද්දී සංචිත වැඩි වුනේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත් නිසාමද කියලා ප්‍රශ්නයක් මතු වෙලා තිබුණා. ඒ වන විට පසුගිය මාසයේ මහ බැංකුවේ මැදිහත් වීම් ගැන විස්තර ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ. අදාළ තොරතුරු දැන් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, ගෙවුණු මැයි මාසයේදී පමණක් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 662.50ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා.

2023 මැයි:

මිල දී ගැනීම් – ඩොලර් මිලියන 662.50

විකිණීම් – නැත

2023 අප්‍රේල්:

මිල දී ගැනීම් – ඩොලර් මිලියන 147.75

විකිණීම් – නැත

2023 මාර්තු:

මිල දී ගැනීම් – ඩොලර් මිලියන 453.06

විකිණීම් – ඩොලර් මිලියන 55.09

2023 පෙබරවාරි:

මිල දී ගැනීම් – ඩොලර් මිලියන 287.00

විකිණීම් – ඩොලර් මිලියන 33.44

2023 ජනවාරි:

මිල දී ගැනීම් – ඩොලර් මිලියන 348.79

විකිණීම් – ඩොලර් මිලියන 137.64

මේ අනුව මෙම වසරේ පළමු මාස පහ ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 1,899.10ක් මිල දී ගෙන එයින් ඩොලර් මිලියන 226.17ක් නැවත විකුණා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,672.93ක් මිල දී ගෙන තිබෙනවා.

දෙසැම්බර් අවසානයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,898යි. මැයි අවසන් වෙද්දී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,483 දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ඩොලර් මිලියන 1,585ක වැඩි වීමක්. එම කාලයේදී ශුද්ධ වශයෙන් මිල දී ගත් ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 88කින් අඩුයි. මීට අමතරව IMF එකෙනුත් ඩොලර් මිලියන 333ක් ලැබුනානේ. ඒ කියන්නේ මිල දී ගත් ඩොලර් වලින් ඩොලර් මිලියන 420ක් පමණ මහ බැංකුව විසින් ණය ආපහු ගෙවීම සඳහා යොදවලා තිබෙනවා.

පෙර ලිපියේ සඳහන් කළ පරිදි, වර්ෂාවසාන විදේශ සංචිත ඉලක්කයට යාම සඳහා මහ බැංකුවට තව අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 948ක් පමණයි. අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් මේ සඳහා ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණයි. ඊට වඩා වැඩියෙන් මිල දී ගන්නා ඩොලර් මහ බැංකුවට බංග්ලාදේශයෙන් ගත් ණය වැනි ණය ආපසු ගෙවීම සඳහා යොදවන්න පුළුවන්.

මහ බැංකුවේ තිබෙන සංචිත වලට අමතරව වාණිජ බැංකු සතුවද මේ වන විට අතිරික්ත ඩොලර් සංචිත තිබෙනවා. අප්‍රේල් අවසාන වන විට මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්නයි. මෙම විදේශ සංචිත මැයි මාසයේදී බොහෝ විට තවත් වැඩි වෙලා ඇති. මහ බැංකුවේ ණය තවමත් ගෙවා අවසන් නැතත්, මේ වෙද්දී වාණිජ බැංකු ලෝකයට ණය නැහැ. වාණිජ බැංකු සතු ඩොලර් අතිරික්තය කියන්නේත් අවශ්‍ය වෙලාවක මහ බැංකුවට මිල දී ගත හැකි මුදලක්.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan