ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිස හමුවූ විපක්ෂ නායක සජිත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා (Kenichi Yokoyama)  මහතා ඊයේ (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාවක නිරතවිය.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදීය.

එහිදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති අතර මෙරට ගොඩනැංවීමට සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද  සිදුකර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණු දී ඇති තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර මෙරටේ දියුණුව වෙනුවෙන් අවැසි සහයෝගය ලබාදෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකළේය.

එහිදී එම නියෝජිත පිරිස විපක්ෂ නායකවරයා සමග සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවය.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂවරුන් වන චෙන් චෙන් (Chen Chen), ටකෆුමි කඩොනෝ මහතා (Takafumi Kadono) ඇතුලු නියෝජිත පිරිසද එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...