සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතනය අතර,අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින්
කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
මේ තුළින් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්රයේ වෙල්ඩින් රැකියා සදහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුවල ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත.
තවද , නැව් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ද ලබාදීමට නියමිත බව සඳහන් .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??