මම ජනාධිපතිවරණය දිනපු ගමන් එදා රෑම පාර්ලිමේන්තුව විසුරුවනවා. මහමැතිවරණයෙන් ආසන 120 – 130 පන්නනවා – අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු එදින රාත්‍රියේම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් මේ පාර්ලිමේන්තුව එක් දිනයක් හෝ වැඩිපුර තබා නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් ලංකාවේ පළමු වතාවට මාරුවීමක් කිරීම සඳහා අවස්ථාව ඇවිල්ලා තියෙනවා. හොඳ අවස්ථාවක්. ඒක එහෙමම එන්නෙ නෑ හොඳේ. නිකම් පොරබැදුවාට, ඇඟේ හයියට එන්නෙ නෑ. හැබැයි ප්‍රබල දේශපාලන වෙනස්වීම් වෙන්නෙ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. අපි 1994ත් ඡන්දෙට තරග වැදුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ගලප්පත්ති අයියා විතරක් ආවා. එච්චරයි. අපි ඒත් තරග වදිනවා. තුන්දෙනයි, ඒත් තරග වදිනවා. වැදුන් නැද්ද ? අත්හරින්නෙ නෑ. ඇයි ඒ ? දේශපාලනයේ අවස්ථාවක් එනවා බලය අත්පත් කරගන්න පුළුවන්. අපි වගේ ව්‍යාපාරවල වගකීම තමයි ඒ තත්වය එනකල් අල්ලාගෙන ඉන්න එක. දැන් සැබවින්ම බලය අත්පත් කරගැනීම සඳහා තත්වය ඇවිල්ලා තියෙනවා. අත්හරින්න බෑ, බලය ගත යුතුයි. අපි මේ වාඩිවෙලා හිනාවෙලා අත්පුඩි ගහලා හිටියාට මේ කරන්න යන්නේ ලංකාවේ ලොකුම දේශපාලන පරිවර්තනය. අපි ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කළවිට එදා රෑම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මතක තබාගන්න, දවසක් තියන්නෙ නෑ. ඊටපස්සෙ මොකද වෙන්නෙ ? දැන් ඉන්නෙ අපි පාර්ලිමේන්තුවේ තුන්දෙනයි. මේක 120 – 130 පන්නනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පෙරේදා (09) හම්බන්තොටදී පැවති ජාජබ තරුණ සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...