ඡන්දයට මාස 4යි. ජනාධිපති වැය ශීර්ෂයට තවත් කෝටි 875ක් ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති වැය ශීර්ෂය සඳහා පසුගිය අයවැයෙන් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් කෝටි 875ක මුදලක් අනුමත කරගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර ලබන 18 වනදා එම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ,

“පාර්ලිමේන්තුවට කෝටි 875ක ඇස්තමේන්තුවක් අපි ඉදිරිපත් කිරීම පසුගිය සිකුරාදා සිදු කළා. මේ වෙනකොට ලංකාවේ සෑම තැනකම අතරමග නැවතිච්ච ව්‍යාපෘති රාශියක් තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසාන වනතෙක් මේ සියල්ල කරගෙන යන්න පුළුවන් ආකාරයට මේ මුදල් මේ වැය ශීර්ෂයන්වලින් මාරු කරලා තියෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා” යනුවෙනි.

තවත් මාස හතරකින් පමණ ජනාධිපතිවරණය පැවැත්වීමට ද නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...