කොළඹ LNW:වසරේ මුල් මාස පහ තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි.
පසුගිය වසරේ එකී කාල සීමාව තුළ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී එය 87% ක වර්ධනයක් වන අතර මැයි මාසයේ සංචාරකයන් 112,128 ක් දිවයිනට පැමිණ තිබෙන අතර, ඉන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 154 ක් බව සඳහන්.
වසරේ ගෙවුණු කාලය තුළ නව ලක්ෂයක් ඉක්මවා සංචාරකයින් මෙරටට පැමිණ තිබෙන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ASK