(VIDEO): අපි තාම පොරොන්දම් බලනවා.මනමාලය වෙලාවට එළියට දෙනවා!

කොළඹ LNW:ජනාධිපතිවරණ උණුසුම දිනෙන් වැඩිවෙමින් තිබෙන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ඊට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් තවදුරටත් සමාජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ඔවුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙනවාද නැත්නම් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද එසේ ඉදිරිපත් කරන්නේ නම් ඒ කවුද යන්න පිළිබඳ තවමත් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

දෛනික මාධ්‍ය හමුවලදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසමින් සිටින්නේ නිසි වෙලාවේදී උක්ත අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේද මේ වන විට පොරොන්දම් බලමින් සිටින අතර ජනාධිපති අපේක්ෂක මනමාලය නිසි වෙලාවට එළියට රැගෙන එන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...