තැපෑල ලෙඩ වෙන්න හදයි!

Date:

කොළඹ LNW: ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සංකේතාත්මක වැඩවර්ජනයක් කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (12) මධ්‍යම රාත්‍රී 12 සිට 13 වනදා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමටයි එම වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇත්තේ.

එම වැඩවර්ජනයට අනුව එළඹෙන 13 වැනිදින දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වසා දැමෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ 2000ක පමණ සේවක හිඟයක් පවතින අතර වසර හතරක සිට උසස් වීම් සහ සේවක බඳවා ගැනීම් සිදුනොවන බවද බණ්ඩාර මහතා කියාසිටියි.

පවතින පුරප්පාඩු පිරවීමට රජය කටයුතු නොකිරීම නිසා දැනට සේවයේ නියුතු සේවකයින්ට රාජකාරී කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙන බවත් අත්‍යවශ්‍ය සේවා නිසි ලෙස ලබා දීමට නොහැකි වී තිබෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

ඒ අනුව තැපෑල මුහුණ දී සිටින මෙම අර්බුදකාරී තත්ත්වය වහා විසඳන ලෙස බලකරමිනුයි එම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 කොළම LNW : ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්...

අත්අඩංගුවට ගත් මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

අරගලයේ නිවාස හානිවලට වන්දිත් ලබාගෙන වියත්පුර සහන මිලට නිවාස ඉල්ලුම් කළ මැති ඇමතිවරුන් කවුද?

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය හේතුවෙන් නිවාස හා...

ජීවත් වෙන්න විදිහක් නැත්නම් ඒක කියන්න. පුතාලට රොකට් යවන්න සල්ලි තියෙනවා නම් දෙමව්පියන් බලාගන්න බැරිද?

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරු අතරින් ජීවත් වීමට අපහසු තරම් ආර්ථික...