නීතිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවට බලයක් නෑ – ජී.එල්. පීරිස්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

නීතිපතිවරයෙකුට සේවා දිගුවක් ලබා දීම 1948න් පසු සිදුවන්නේ වර්තමානයේ බවත්, නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින් ජනාධිපතිවරයා දීර්ඝ කළහොත් නීතිපති ධූරයෙහි ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

ඒ අනුව,නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බව ද පැවසීය.

මැතිවරණ කාල සීමාවක් තුළ නීතිපතිවරයාගේ ධූරය දීර්ඝ කිරීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.ඔහු සඳහන් කළේ, නීතිපතිවරයෙකු පත් කිරීමට ව්‍යවස්ථා සභාවට අනුමැතිය ලබා දීමට හැකි වුවත්, නීතිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවට බලයක් නැති බව ය.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවකට කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...