බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අධිකරණයට!

Date:

කොළඹ LNW:වැඩතහනමට ලක්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළව ධන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාද අත්අඩංගුවට ගැනුණු අතර අනුරාධපුර බන්ධනාගරයේ අධිකාරිවරයාද සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙයි. නඩුව අද කැඳවීමට නියමිතය.

ඔහුද අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපති පොදු සමාව යටතේ අනුමැතිය නොලද 57 දෙනෙකු 2024 වසරේ නත්තලටත් තවත් 11 දෙනෙකු 2025 නිදහස් දිනයටත් බන්ධනාගරවලින් මුදාහැර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවේ ප්‍රකාශ කර තිබුණු අතර මේ වන විට එම බන්ධනාගාර ක්‍රියවලිය සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...