වයසට යෑම ….

Date:

මා දැන් සතුටුවන්නේ
පෙම්වතුන් හඹා යෑමෙන් නොවේ.
රෑ පුරා නිදිවරා
පෙම්පත් ලිවීමෙන් නොවේ.
කුඩා අඬ දබර වලින්
දිවි නසා ගන්නා මනසින් නොවේ.
මුහුණේ කුඩා බිබිලකින්
තැති ගන්නා යුගයකද නොවේ.

ලිහිල් ඇඳුමින් සැරසීම
ඉහිල් මනසින් පිබිදීම
සියුම් දේවල්වලින් සැනසීම
කුහුල් සිතකින් නොපෙලීම
වයසට යෑම යැයි ඔබ කියයි නම්
ඒ ගැන පවා තුටුවීම .

පිඟානේ කෑමට යමක් ඇත්නම්
අල්මාරියේ ඇඳුමක් දෙකක් ඇත්නම්
දෙපාවල අධික රිදුමක් නැත්නම්
වියදමට අතේ මුදලක් ඇත්නම්
වාරුවෙන්නට කෙනෙක් ඇත්නම්
ජීවිතය එතරම් දුක්බර නොවේ.
වයසට ගොසින් යැයි ඔබ නැවත කිව්වත්
ඒ ගැනත් අහිතක් නොවේ.

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...