විදුලි ගාස්තු ඉහළට! වැඩි වන මිල ගණන් හෙට සිට ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW: 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව එය හෙට සිට ක්‍රියාත්මකයි.

වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු 18.3% කින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගිතා කොමිසම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි මහජන උපයෝගී කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්.චන්ද්‍රලාල් මහතා පැවසුවේ 15%කින් ගාස්තු ඉහළ දැමීම සාධාරණ වැඩි කිරීමක් බවයි.

මේ අතර ඒකක 30 අඩු පරිභෝජනයක් සහිත විදුලි පාරිභෝගිකයින්ට වැඩිවන්නේ රුපියල් 20ක් වන බවත් ඒකක 60ට අඩු අයට වැඩිවන්නේ 85ක් බවත් එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කරන ලදී.

එමෙන්ම ආගමික ස්ථානවල විදුලි බිලේ වැඩි වීමක් සිදුනොවන අතර කර්මාන්ත සඳහා විදුලි බිල වැඩි වී ඇත්තේ රුපියලකින් බව අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...