”එක මිටට ගොබි බිමට” සමගාමීව වගා නොකළ ඉඩම් අස්වැද්දීම ඇරඹේ!

Date:

කොළඹ LNW:“එක මිටට – ගොවි බිමට” ජාතික වගා වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ වගා නොකළ ඉඩම් තුළ වගා කටයුතු ආරම්භ කිරීම මීකණුව ජාතික දෙව්සත්හල් භූමි පරිශ්‍රයේදී අද (11) ආරම්භ විය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත කැටවල ලෙව්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය, අම්පිටිය උඩගම පුබුදු ගොවි සංවිධානයේ මෙහෙයවීමෙන් සමාරම්භක වැඩසටහන දියත් කෙරිණි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේදී වගා නොකළ ඉඩම් අක්කර 2700ක් වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන 45ක් ආවරණය වන පරිදි වගා නොකළ ඉඩම් තුළ කෙසෙල්, බඩ ඉරිගු වැනි කෘෂිකාර්මික භෝග වගා කරන බව මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ඒ.ටී.රණසිංහ මහතා පැවසීය.

මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා සභාපති සිසිර සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී මී කණුව ජාතික දෙව්සත් හලේ අක්කර 04ක භූම ප්‍රමාණයක් තුළ බඩ ඉරිඟු වගා කිරීමේ කටයුතු දියත් කෙරිණි.

ඊට සමගාමීව කැටවල ලෙව්ල ගොවිජන සේවා මධ්‍යස්ථාන කලාපය තුළ අක්කර 80ක් ඉඩම් වගා කිරීමට ද කටයුතු යොදා තිබේ.

ඒ අනුව නව වගා කරුවන් සඳහා පොහොර ලබාදීම, පුවක් පැළ ලබා දීම හා ගොවිජන බැංකු මගින් වගා කටයුතු සඳහා ණය මුදල් ලබාදීම ද මෙම අවස්ථාවේදී සිදුවිය.

මීකණුව ජාතික දෙව්සත්හල් භාණ්ඩාගාරික ගරු ප්‍රදීප් සේවියර් පියතුමා, කැටවල ලෙව්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය ප්‍රාදේශීය නිලධාරී පී.ජී.වික්‍රමආරච්චි මහතා, අම්පිටිය උඩගම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිශාන්ති හෙට්ටිආරච්චි මහත්මිය, උඩගම පුබුදු ගොවි සංවිධානයේ සභාපති ගාමිණී රංවල මහතා ඇතුලු නිලධාරීන් හා ගොවියන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...