හිටපු අමාත්‍ය කෙහෙළියගේ නිවසේ සේවිකාවක අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාවක අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්දව මේ වන විට කොමිශන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළවයි.

ඒ අනුව ඔහුගේ නිවසක සේවිකාවක වශයෙන් කටයුතු කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...