*
Friday, March 29, 2024
spot_img

Latest Posts

බිඳවැටෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය ගොඩගන්න ජාජබෙන් කෙටිකාලීන යෝජනා දොළහක්

විවිධ ක්ෂේත්‍රවල මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති බරපතළ අර්බුදකාරී තත්ත්වය හමුවේ එම ක්ෂේත්‍රයේ වැඩකරන පවුල් ලක්ෂ පහළොවක් පමණ අද ජීවත් වීමට නොහැකි තත්ත්වයකට මුහුණ පා ඇති බව ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවන්ගේ එකමුතුව පවසයි.

පවතින තත්ත්වය හමුවේ අර්බුදයේ ගැඹුර, එහි ව්‍යාප්තිය අවබෝධ කරගෙන කෙටිකාලීන විසඳුම් ඉදිරිපත් කිරීමට එම එකමුතුව කටයුතු කර තිබේ.

“ඉදිකිරීමේ ක්ෂේත්‍රයට අනුබද්ධ ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. රට පුරා ඉදිකිරීමේ ක්ෂේත්‍රයට පුහුණු හා නුපුහුණු කම්කරුවන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් ඍජුව සම්බන්ධ වී සිටිනවා. එසේම ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන්, ආදීන්ද මෙයට සම්බන්ධයි. අද ඔවුන් සියලු දෙනාගේ රැකියා අහිමි වි තිබෙනවා. මෙලෙස ඍජු රැකියාවල නිරත වූ ඔවුන් අසරණ වී මහමඟට ඇදවැටී තිබෙනවා. ගොඩනැගිල්ලක්, මහා මාර්ගයක් කෙනෙකුට දැකගැනීමට හැකිවුවද එම ව්‍යාපෘතියක් වටා සේවා සපයන විශාල පවුල් සංඛ්‍යාවක් සිටිනවා. ව්‍යාපෘතියකට අදාළව ඒ අවට දහස් ගණනක් එයින් යැපෙනවා. සේවකයන්ට ආහාර සැපයීමේ සිට නවාතැන් ආදී විවිධ සේවා සැපයීමෙන් ජීවත්වන පවුල් විශාල සංඛ්‍යාවක් සිටිනවා. මෙම ව්‍යාපෘති නතර වීමෙන් ඔවුන්ගේ වක්‍ර රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී තිබෙනවා,” මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට එම එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් ඉංජිනේරු පාලිත අබේවර්ධන මහතා පැවසීය.

 

ජාතික ජන බලවේගයේ ඉංජිනේරුවන්ගේ යෝජනාමාලාව

1. රැකියා අහිමිවන තෝරාගත් පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම සඳහා රජය මැදිහත් වීම. මේ සඳහා අවශ්‍ය කෙටිකාලීන පුහුණුව, ණය යෝජනා ක්‍රමයක්, රැකියා අවස්ථා සොයාගැනීම සඳහා විදේශ රටවල තානාපති සේවයන් හරහා සොයා බැලීම් රජය මැදිහත්ව සිදුකළ යුතුයි. පුහුණු ශිල්පීන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවශ්‍ය වෘත්තීය සහතිකපත් නොමැති අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් කෙටිකාලීන වෘත්තීය පුහුණු පාඨමාලා අවසානයේ යම් සහතිකයක් නිකුත් කිරීම සඳහා රජය විසින් අදාල ආයතන හරහා වැඩපිළිවෙළක් ඇරඹිය යුතුය.

2. රජය මැදිහත්වී දේශීය ඉදිකිරීම් සමාගම්වලට විදේශ රටවල ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාගැනීමට ඇති ඉඩකඩ සොයා බලමින් යම් සේවක පිරිසක් එම සමාගම් හරහා සේවයේ යෙදවීම මගින් සමාගම් බිඳවැටීම වැළැක්වීම මෙන්ම ඩොලර් අර්බුධයටද විසඳුමක් ලබාදෙනු ඇත.

3. ඉදිකිරීම් සමාගම් ලබාගෙන ඇති බැංකු ණය සහ ලීසින් පහසුකම් වෙනුවෙන් සහන ලබාදීම. ගිවිසුම්ගතව ඇති නමුත් දැනට වැඩ කටයුතු කරගෙන යාමට අපහසුතා ඇති ගිවිසුම් අවලංගු කරගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම

4. යම් අරමුදල් ප්‍රමාණයක් වෙන්කොට රජයේ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සිදුකළ යුතු අතර එම වැඩ එක් එක් සමාගමේ සිටින සේවක සංඛ්‍යාවට අනුව බෙදාදීම මගින් ඔවුන්ට මෙම අර්බුධය තුලදී තම සමාගම් පවත්වාගෙන යාමට සහාය විය හැක.

5. ADB, World bank සහ අනෙකුත් විදේශීය අධාර දෙන ආයතන මගින් ලබාදෙන අරමුදල් මගින් සියලූම දේශීය කොන්ත්‍රාත්කරුවන්ට තම සේවකයින් සහ යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරගැනීමට හැකිවන ලෙසට ප්‍රමාණවත් වැඩ ලබාගැනීමට හැකි යාන්ත්‍රණයක් පිලිබඳව සොයා බැලීම.

6. රැකියා අහිමි වන සේවකයින්හට EPF ETF අරමුදලින් යම් සහනයක් ලබාදිය හැකිදැයි සොයා බැලීම

7. හැකි අය ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු කිරීම සඳහා රජය මැදිහත් වීම.

8. මෙම අර්බුධය පහව යනතුරු අවශ්‍ය පහසුකම් සැලසීම, නියාමනය, සහ අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා යම් බලයලත් ආයතනයක් පිහිටුවීම. මෙහි සාමාජිකයන් ලෙස ක්‍ෂෘ් සහ කොන්ත්‍රාත් සංගම්වල නියෝජිතයින් සහ අදාල රජයේ අයතනවල නිලධාරීන් පත්කළ යුතු අතර, සිදුකරණු ලබන සියලුම දේ විනිවිදබාවයකින් සිදුවන බවට වග බලාගත යුතුයි

9. විදේසගතවීමට නොහැකි රැකියා අහිමිවූ අයවලූන් සඳහා යම් ගෙවීමක් සමග පාඨමාලා සහ පුහුණු වැඩමුළු පැවැත්වීම මගින් ඉදිරියේදී රටේ ඇතිවිය හැකි ශ්‍රම බලකායේ හිගයට පිළියම් යෙදිය හැක. පෞද්ගලික ඉදිකිරීම් ආයතනවල සේවයේ යෙදී සිටි, පවතින තත්වය යටතේ අතිරික්තයක් බවට පත්වූ සේවකයින් මෙවැනි පාඨමාලාවලට යොමුකිරීම කළහැක. 

10. මේ වනවිට රට තුල යම් චීන ඉදිකිරීම් සමාගම් ගණනක් ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටිති. ඔවුන්ගේ ශ්‍රම බලකායෙන් විශාල ප්‍රතිශතයක් චීන ජාතිකයන් බව නිරීක්ෂණය කර තිබේ. එම තත්වය වෙනස් කර ශ්‍රී ලාංකිකයන් යම් ප්‍රතිශතයකටත් ඔවුන්ගේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල රැකියා අවස්ථා ලබාදෙනමෙන් චීන රජයෙන් සහ එම සමාගම්වලින් ඉල්ලීමක් කිරීමට රජය මැදිහත්විය යුතුයි.

11. විදේශ රැකියා අපේක්ෂා කරන අයවලූන් සහ විවිධ රටවල පවතින ඇබෑර්තු පිලිබඳ දත්ත ගබඩාවක් සහ පරිගණක මෘදුකාංගයක් මගින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීම පහසු වනු ඇති අතර එමගින් මෙම වැඩපිලිවෙළ දේශපාලකයින්ගේ මැදිහත්වීමකින් තොරව සාර්ථක කරගතහැකි වනු ඇත. මේ පිලිබඳව කටයුතු කිරීම සඳහා අදාල ක්‍ෂේත්‍රයන් සහ ආයතන නියෝජනයෙන් කාර්ය සාධක බලකායක් නිර්මාණය කළ යුතු අතර එහි කටයුතු මුලූමනින්ම විනිවිද භාවයකින් යුතුව සිදු කළ යුතුව ඇත.

12. ඉහත කරුණු සහ වෙනත් අදහස් තිබේනම් සලකා බැලීම සඳහා රජය වහාම දේශීය ඉදිකිරීම සමාගම් සහ එම සංගම් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් සහ යෝජනා සලකා බැලීම.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan