*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අවුරුදු 15කින් අපේ පඩි වැඩිකරලා නෑ. මාදිවෙල නිල නිවාස අපායක් – ශාන්ත දුක කියයි (VIDEO)

ගම්වල ජනතාව සිතාගෙන සිටින තරම් වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

“මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 15කින් වැටුප් වැඩිකරලා නෑ ! අපි කියන්නෙ වැඩිකරන්න නෙවෙයි, හැබැයි ජනතාව දැනගන්න ඕනෙ. අපට දෙන ඉන්ධන, ඩීසල් ලීටරයකට රුපියල් 104යි ගෙවන්නෙ. මේ එහා පැත්තෙ තියෙනවා මන්ත්‍රීවරුන්ට දීලා නිවාස, ඒක මිහිපිට අපාය දැකලා නැත්නම් මාදිවෙලට යන්න. ගම්වල ජනගත කරලා තියෙන්නෙ මොකක්ද, මන්ත්‍රීවරුන්ට විශාල මාළිගා දීලා කියලා. මේවාගෙන් ජනතාව තුළ වෛරයක් ඇති කළා. යම් යම් දේශපාලන පක්ෂ මේවාට වගකියන්න ඕනෙ. දැන් ඊයෙ පෙරේදා පෙරටුගාමී දේශපාලන පක්ෂය නියෝජනය කරන නාගමුව මහත්තයා මාධ්‍යයේ කතා කරලා කියනවා මේ පළවෙනි රැල්ල විතරයි අපි කළේ, දෙවැනි රැල්ල බලාපොරොත්තු වෙන්න කියලා. මොකක්ද ඒ දෙවැනි රැල්ල ? මේ මන්ත්‍රීවරුන් 225 ම මරලා දාන රැල්ලද ?”

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan