රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW:
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මගින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මාතර මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශයේ ඊයේ දින (2026 නොවැම්බර් 28) සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මගින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.


