ශ්‍රී ලංකාව පූර්ණ මානුෂික හදිසි අවදානම් අවස්ථාවක; එක්සත් ජාතීන් පවසයි

Date:

වාර්තාගත උද්ධමනයක් (ආර්ථික වර්ධන වේගය -1.5) තුළ මුදල් අවප්‍රමාණ වීම , ඖෂධ මෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිගයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාව ආර්ථිකයේ බරපතලම කම්පනය අති විඳිමින් සිටින බවත් , ඔවුන් පූර්ණ වශයෙන් මානුෂීය අර්බුදයකට යොමු වීමේ අවධානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය (OCHA) ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින මෙම අර්බුදකාරී තත්වය පිළිබඳ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ජාවෙි දී එක්සත් ජාතීන්ගේ මානුෂික කටයුතු සම්බන්ධීකරණය කරන Jens Laerke ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් අදහසකි.

”ශ්‍රී ලංකාව මේ වන විට 1948න් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටියි. මෙම අවස්ථාව පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකි බවට අප කනස්සල්ලට පත්ව සිටිමු.”

අර්බුදය හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ මිලියන 1.7 ක ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 47.2 ක ආධාර ජුනි සහ සැප්තැම්බර් යන මාස අතර සැපයීමේ සැලැස්මක් තමන් වෙත ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර , ශ්‍රී ලංකාවේ පවුල් වලින් 70% ක් දැනටමත් සිය ආහාර පරිභෝජනය අඩු කර ඇති බවත් , දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට හදිසි ආධාර අවශ්‍යව ඇති බවත්, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන UNICEFහි ශ්‍රී ලංකාවේ නියෝජිත Christian Skoog විසින් ජාත්‍යන්තර මාධය වෙත ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...