ලෝක මලල ක්රීඩා සංගමය විසින් ඊයේ (10) ප්රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්රේණිගත කිරීම්වලශී කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණෙමින් ලෝකයේ තුන්වැනි ස්ථානයට ලබාගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.
ඒ, ශ්රේණිගත කිරීම් ලකුණු 1,324ක් හිමිකර ගනිමිනි.
මෙම ලැයිස්තුවේ ප්රථම ස්ථානය ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ලකුණු 1326ක් ලබා සිටින ග්රෙනඩා රාජ්යයේ ඇන්ඩර්සන් පීටර්ස්ටය.
රුමේෂ් තරංග මෙම සුවිශේෂී ශ්රේණිගත කිරීම කරා ළඟා වූයේ පසුගියදා ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ (Diamond League) මලල ක්රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසිකරමිනි. එයින් නව ශ්රී ලංකා වාර්තාවක් මෙන්ම නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට ඔහු සමත් වූයේය.



