සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථාන දේශසීමාව හරහා පකිස්ථාන තලේබාන්වරුන්ගේ (TTP) සැඟවුණු ස්ථාන සහ ආරක්ෂිත ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ගුවන් ප්රහාර මාලාවක් හේතුවෙන් ඇෆ්ගන් සටන් කරුවන් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පකිස්ථාන තොරතුරු අමාත්ය අතාවුල්ලා තාරාර් ප්රකාශ කර තිබේ.
ඒ අනුව, පකිස්ථාන තොරතුරු අමාත්යවරයා මෙම ප්රහාර සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සටන්කරුවන් 26 දෙනෙකු මිය ගොස් ඉලක්ක හතරක් විනාශ වූ බවත්, පුහුණු මධ්යස්ථානයක්, පතොරම් ගබඩාවක් මෙන්ම TTP අණදෙන නිලධාරීන් වන අලීම් ඛාන් කුෂාලි සහ අක්තාර් මුහම්මද් ජානි කෙල්ට සම්බන්ධ ස්ථාන ඇතුළුව බවත්ය.
කෙසේ නමුත් පාකිස්ථාන ප්රහාර සම්බන්ධයෙන් ඇෆ්ගන් රජය පවසන්නේ මියගිය අය අතර සිවිල් වැසියන් 13 දෙනෙකු සිටින බවත්, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ළමයින් වන බවත්ය.
2021 දී තලේබාන් සංවිධානය දෙවන වරටත් බලයට පත්වීමෙන් පසු පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර සබඳතා අවුල් සහගත වී ඇති අතර, පෙබරවාරි අග දී ඇෆ්ගනිස්ථානය සිය ගුවන් ප්රහාරවලට පළිගැනීමක් ලෙස පාකිස්තානයට එරෙහිව දේශසීමා ප්රහාරයක් දියත් කිරීමෙන් පසු සටන් තියුනු ලෙස උත්සන්න වී ඇත. 2026 මුල් මාස තුන තුළ දේශසීමා සටන්වලින් අවම වශයෙන් ඇෆ්ගන් සිවිල් වැසියන් 372 දෙනෙකු මිය ගොස් 397 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර ඇත.

