මෙරට ප්‍රධාන නගර 04ක් සන්නාමකරණයට සැලසුම්

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:විදෙස් සංචාරක ආකර්ෂණය හිමිවන පරිදි මෙරට ප්‍රධාන නගර හතරක් සන්නාමකරණය ( City Branding) කිරීමට රජය සැලසුම් කොට තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව මහනුවර, කොළඹ, අනුරාධපුර සහ කතරගම යන නගර සන්නාමගතකරණය වන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත මෙම නගර සන්නාමගතකරණය සිදුවන බව එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල මහතා පැවසීය.

නගර සන්නාමකරණයට සමගාමීව මහනුවර නගරය සන්නාමකරණය කිරීමේ මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (11) පැවැති අතර එහිදී පළාත් අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේය.

දැනට ලෝකයේ විවිධ රටවල ඇතැම් නගර මේ අයුරින් සන්නාමගත වී ඇතැයි පෙන්වූ ඒ මහතා එවැනි රටවල සංස්කෘතිය, ඉතිහාසය, ආර්ථිකය, ආහාර පාන, සොබා දහම, සංචාරක කර්මාන්තය ආදී ඒ ඒ අංශවල පවතින ජනප්‍රියතාව අනුව සන්නාමකරණය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ යෝජිත නගර ද එවැනි අංශවලින් කැපී පෙනෙන තත්ත්වයට පත්ව ඇතැයි මැදවල මහතා පෙන්වා දුන්නේය.

සංචාරකයන් මෙවැනි රටවල සංචාරය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව පෙන්වා දුන් ඒ මහතා මෙරට නගර සංවර්ධනය හා පහසුකම් සම්පාදනය කිරීම මගින් ශ්‍රී ලංකාව ද සංචාර්ක පාරාදීසයක් බවට පත් කර ගත හැකි යැයි පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...