එක්සත් ජනපදයේ භාණ්ඩ මිලගණන් ඉහල යනවිට තමන් උද්ධමනයට ආදරය කරන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ඇමරිකා – ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් පසුගිය මාසයේ එක්සත් ජනපද මිල ගණන් වසර තුනකින් ඉහළතම අගයක් ගැනීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් උද්ධමනයට ආදරය කරන බව ප්‍රකාශ කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (BLS) සංඛ්‍යාලේඛන වලට අනුව මිල ගණන් පෙර වසරට වඩා මැයි මාසයේදී 4.2% කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වන අතර මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, සංඛ්‍යා විශිෂ්ටයි. මම ඇත්තටම ආදරය කරන දේ ඔබ දන්නවාද? මම උද්ධමනයට ආදරෙයි යනුවෙනි.

මෙහිදී උද්ධමන සංඛ්‍යාලේඛනවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද හමුදා ඉරානයෙන් “මිලියන ගණනක් බැරල්” තෙල් ලබා ගැනීම සඳහා රාත්‍රී මෙහෙයුම් සිදු කළ බවත්, එය තෙල් මිලෙහි සුළු පහත වැටීමකට දායක වූ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...