සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඒ අනුව නවීන් දිසානායක මහතා ලබන අඟහරුවාදා (13) එම තනතුරේ දිවුරුම් දෙනු ඇති බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.
රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ එජාප බියගම ආසන බලමණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
RN