*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

උද්ධමනය  අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා යහපත් වුණා –  මහ බැංකු අධිපති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුල් ප්‍රක්ෂේපණ මත පදනම්ව පවතින ණය තිරසාර විශ්ලේෂණය මත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාර්ව ආර්ථික රාමුවක් තුළ පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වේගයෙන් ශ්‍රී ලංකාව උද්ධමනය පහත හෙළා ඇති අතර, විනිමය අනුපාතිකය ද මට්ටමකට පැමිණ  ඇත.  ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉලක්ක කිහිපයක් ඇති අතර  ප්‍රතිපත්ති පොලී අනුපාත 2.5% කින් අඩු කිරීමද සිදුවිය.  මුදල් ප්‍රතිපත්ති පිළිබඳ රැස්වීමක් අමතමින්  වීරසිංහ මහතා  පැවසූවේ ,

“ඔබ දන්නා පරිදි ඉලක්ක තුනක් තිබේ. එබැවින් එම ඉලක්ක මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරතා විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකාවට දළ මූල්‍ය අවශ්‍යතා, වාර්ෂික ණය ගැනීම් සහ ණය ගෙවීම්  2027-2032 වසර තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සාමාන්‍යයෙන් සියයට 13.5 දක්වා අඩු කළ යුතුය. එම කාලය තුළ විදේශ ණය සේවා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 නොඉක්මවිය යුතුය. 2032 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ණය අනුපාතය සියයට 95 දක්වා අඩු කළ යුතුය.

වියදම් මත දැඩි පාලනයක් තබා ගනිමින් අයවැය  හිඟය ද සැලකිය යුතු ලෙස පහත හෙළා ඇත. පසුගිය වසරේ උද්ධමනය සඳහා ඔවුන් අනුමාන කලේ සියයට 70 ක් පමණ වුවත්  සත්‍ය ප්‍රමාණය සියයට 50යි,”

ලෙස  වීරසිංහ මහතා පැවසීය.

” ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන පිළිබඳ සැප්තැම්බර් සමාලෝචනයෙන් පසු ආර්ථික දැක්මෙහි සංශෝධනයක් සිදුවිය හැකි බවද  වීරසිංහ මහතා පැවසීය.

සැප්තැම්බර් සමාලෝචනය ජුනි දත්ත මත පදනම් වන  අතර සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව  ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමටද බලාපොරොත්තු වන බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan