*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව සත්කාරකත්වයට බැට දී ගමන අරඹයි

ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය වූ සත්කාරක කොරියාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 94 – 8 ක් ලෙස පහසදු ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකි විය.ආසියානු නෙට්බෝල් රැජිණන් යන විරුදාවලියෙන් පිදුම් ලැබුව ද,ආසියානු යොවුන් කුසලානය හා බැදී ඉතිහාසයේ එතරම් කීර්තියකට හිමිකම් නොකියන ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට ඉදිරිපත් වන්නේ සූරතාවය පිළිබඳ දැඪි විශ්වාසයක් සහිතවය.කණ්ඩායමක් හැටියට ඔවුන් ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති කර ගෙන ඇති දැඩි විශ්වාසය සඳහා හේතු වී ඇත්තේ විශේෂයෙන්ම ආසියානු සූරියන් වන සිය ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමඟ දිගින් දිගටම ලැබූ තරග අත්දැකීම්ය.


කොරියාව වැනි නෙට්බෝල් කේෂ්ත්‍රයේ ලබටි කණ්ඩායමක් හා ගැටෙන මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ක්‍රීඩිකාවන් 12 දෙනාටම තරග අත්දැකීමක් ලබා දීම සඳහා තරගයෙන් ප්‍රයෝජන ලබා ගැනීම කැපී පෙණින.ශ්‍රී ලංකාව ලකුණු 98 ක් දක්වා පිවිසෙද්දී ගෝල් ෂූටර් සහ ගෝල් ඇටෑක් ලෙස ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගේම සහය ලබා ගැනීම කැපී පෙණින.


නායිකා සජිනි රත්නායක තරගයේ තෙවන කාර්තුවේ දී හැරෙන්නට අනෙක් කාර්තු තුන තුළම ගෝල් ඇටෑක් ස්ථානයේ ක්‍රීඩා කළ අතර ඇය විසින් ලබා ගත් අවස්ථා 36 න් අවස්ථා තිස් දෙකක්ම ලකුණු බවට පරිවර්ථනය කරන්නට සමත් වූවාය.තෙවන කාර්තුවේ දී ගෝල් ෂූටර් ස්ථානයට කැදවීම් ලද කණ්ඩායමේ උසම ක්‍රීඩිකාව වන මිනාගි ගුණරත්න අවස්ථා 19 දී 15 වරක් සාර්ථක වූවාය.
ගෝල් ෂූටර් ස්ථානයේ ක්‍රීඩා කරමින් අවස්ථා 16 න් අවස්ථා 13 ක් ද,ගෝල් ඇටෑක් ස්ථානයේ ක්‍රිඩා කරමින් අවස්ථා 5 න් 4 ද සාර්ථක කර ගත් ඩිල්මි විජෙිනායක ශ්‍රී ලංකාවට එකතු කර දුන් ලකුණු ප්‍රමාණය ලකුනු 17 ක් විය.භාෂි උඩගෙදර කාර්තු තුනකදීම ශ්‍රී ලංකා කණ්ඩායමට දැල් විදින්නියගේ භූමිකාව ඉටු කළාය.ඇය අවස්ථා 35 න් 30 දීම සාර්ථක වුවාය.


ශ්‍රී ලංකාවෙන් යම් කිසි සහනයක් කොරියාවට ලැබුණේ තෙවන කාර්තුවේ දී පමණි.එහිදී පළමු කාර්තුවේ ලකුණු 25 – 3 ක් ලෙසත්,දෙවන කාර්තුවේදී ලකුණු 24 – 3 ක් ලෙසත් කොරියාව මත පීඩනය රඳවන ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන කාර්තුවේදි ලකුණු 19 ක් පමණක් ලබා ගත්තේ කොරියාවට ද ලකුණු 2 ක් පමණක් ලබා ගන්නට අවස්ථාව ලබා දෙමින්ය.නමුත් තෙවන කාර්තුවේ දුන් සහනය සහමුළින්ම උදුරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිව්වන කාර්තුවේදී කොරියාවට කිසිඳු ලකුණක් ලබා නොදෙමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුවට ලකුණු 26 ක් එක් කරන්නට සමත් වූහ.
ශ්‍රී ලංකාව හෙට බෘනායි කණ්ඩායම හා තරග වඳිනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan