අපිට රෙජීමයක් අවශ්‍ය නැහැ.අලුත් නායකයෙක් තෝරාගන්න ජනතාව අවස්ථාව හිමි විය යුතුයි – කාදිනල් හිමි

Date:

කොළඹ LNW:රටේ පවතින සියලුම ස්ථර දේශපාලනීකරණය වී තිබෙන අතර නීතියේ ආධිපත්‍ය ද දේශපාලනයට හසුව තිබෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ඊයේ (11) කොළඹදී පැවති උත්සවයකදී පැවසූහ.

මේ වන විට ජනාධිපතිවරයා විසින් නීතිපති වෙත සේවා දිගුවක් ලබා දීමට අපේක්ෂාවෙන් සිටින අතර එයට කතෝලික සභාවද යොදා ගැනීමට උත්සහ කරමින් තිබෙන බවයි උන්වහන්සේ පැවසුවේ.

කතෝලික සභාව ලෙස එයට කිසිලෙසකින්වත් සහයක් නොදෙන අතර රට තුළ රෙජීමයක් බලාපොරොත්තු නොවන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මේ වන විටත් ජනතාව ලෙස අප සිටින්නේ පරිපූර්ණ සමාජයක නොවන අතර ජනමත විචාරණයක් හරහා තවදුරටත් පාලනයේ සිටීමට පාලකයින් උත්සහ කරමින් සිටින අතර රට විනාශ කළ දේශපාලඥයින් විසින්ම ඉදිරි වසර දෙක තුනක කාලයක් වෙනුවෙන් රට පාලනය කිරීමට උත්සහ දරමින් සිටින බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එය අනුමත කළ නොහැකි බවයි කාදිනල් හිමියන් පැවසුවේ.

ව්‍යවස්ථාවට අනුව රටක් පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයෙක්ට වසර පහක කාලයක් දී තිබෙන අතර අනතුරුව නව ජනාධිපතිවරයෙක් පත්කරගැනීම සඳහා ජනතාවට අවස්ථාව තිබිය යුතු බවත් එම අවස්ථාව උදුරා ගැනීමට නොහැකි බවත් ඒ වෙනුවෙන් ජනතාව ලෙස අප නැගී සිටිය යුතු බවත් කාදිනල් හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...