චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩු 04කට අදාළව ඔහුව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියම කර තිබේ.

ඒ අනුව සෑම නඩුවකටම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් නියම කළේය.

ඔහුත් සමගම අත් අඩංගුවට ගත් ඔහුගේ හිටපු ලේකම්වරයාට ද ඉහත ආකාරයෙන්ම ඇප නියම කෙරිණි. මෙම නඩු 2027 ජනවාරි 26 වනදා යළි කැඳවීමට නියමිත ය.

මේ අතර පොස්පේට් අපනයන කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර දීම සඳහා පුද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81 ක් අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව චාමර සම්පත් දසනායක සහ ඔහුගේ ලේකම්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ව නොවැම්බර් 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...