මාධ්‍යවේදියකුගෙන් විවෘත අධිකරණයේ දී වැඳ සමාව ගත් හිටපු දිසාපතිනිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

රත්නපුර දිසාපති කාර්යාලයට හිස් වැසුමක් පැළද ඇතුළු වූ බවට චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ හමුදා නිලධාරියෙකු මාධ්‍යවේදියෙකුට පහරදීම සම්බන්ධයෙන් එවක දිස්ත්‍රික් ලේකම් රත්නපුර පොලීසියේ එවක ස්ථානාධිපති ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මාධ්‍යවේදියාගෙන් විවෘත අධිකරණයේ දී වැඳ සමාව ගත් පුවතක් වර්තා වේ.

මාධ්‍යවේදී සරත් විමලරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුර්දු ප්‍රනාන්දු , මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබ ඇති අතර, අදාළ ආරවුල සමතයකට පත් කෙරුණු අතර පෙත්සම්කාර මාධ්‍යවේදියාට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුකරය ඉල්ලා අස්කර ගන්නා බවත් පෙත්සම්කරුට ඉදිරියේ දී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් වගඋත්තරකාර පොලිස් නිලධාරියා විසින් අධිකරණය හමුවේ එකගතාව පළකළ බව සඳහන් වේ.

වගඋත්රකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියාසිටියේ වගඋත්තරකරුවන් පෙත්සම්කරුගෙන් සමාව අයැද සිටීමට සූදානම් බවත්, ඔහුට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට ද එකඟතාව පළකෙරුණු බවත් ය.

ඒ අනුව වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි රත්නපුර හිටපු දිසාපති මාලනී ලොකුපෝතාගම එම කාර්යාලයේ ආරච්චි අනුරාධ බණ්ඩාර , රත්නපුර එවක පොලිස් ස්ථානාධිපති , එවක කොස්තාපල් සමීර , කුරුවිට හමුදා කඳවුරේ එවක කෝප්‍රල් සේනානායක යන අය අධිකරණයේ පෙනී සිට ඇති අතර,පසුව ඔවුන් විවෘත අධිකරණයේ දී මාධ්‍යවේදියාගෙන් වැද සමාව ගත් බව වාර්තා වේ.

2019 වසරේ මැයි 29 වනදා රත්නපුර දිසාපති කාර්යාලයෙන් ලැබුණු දැනුම්දීමකට අනුව තමා හිස්වැසුමක් පැළද එම කාර්යාලයට ගිය බවත් එම අවස්ථාවේදී එහි සිටි පොලීසියේ යුද හමුදාවේ නිලධාරීන් ඊට විරෝධය පළකළ බවත් පෙත්සම්කාර මාධ්‍ය වේදියා පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...