හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ වාරණ නියෝගය දිග් ගැස්සෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව මෙම මස 19 වන දක්වා එම නියෝගය යළි දීර්ඝ කරනු ඇති බව පැවසේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිරිසේන මහතා අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනුකර තිබූ පැමිණිල්ලක් අනුව සිරිසේන මහතාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන අතර, එම නඩුව අද (12) කොළඹ දිසා අධිකරණය ඉදිරියේ යළි කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...