සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව සඳහන් වේ.

2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් හා වෑන් රථ 75ක් ආනයනය කිරීම පිණිස 2024-4-1 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම තීරණය ක්‍රියාත්මක කිරීම පිණිස ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබෙන අතර, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...