සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW):

සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව සඳහන් වේ.

2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් හා වෑන් රථ 75ක් ආනයනය කිරීම පිණිස 2024-4-1 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එම තීරණය ක්‍රියාත්මක කිරීම පිණිස ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබෙන අතර, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...